ඊයේ මම ගෙදර එන ගමන් bus එකේදී එක පාරටම මට අහන්න ලැබුන කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට පාර වහල කියලා. මට තනිවම හිනා ගියේ "හරි අදත් ගෙදර යද්දී එළිවෙයි" කියලා සිතට නැගුනු නිසයි. ඒ සමගම මේ සතිය පටන් ගද්දීත් bus වැඩ වර්ජනයක් හින්ද කට්ට කාපු හැටිත් මතක් කරගෙනම bus එකේ ගියත් රීගල් එක ලග ඉඳන් වාහන පෝලිම. පරක්කු වෙන හින්ද මමත් බස් එකෙන් බැහැල පයින් ගියා. යද්දී station එක හරියේ කදුළු ගෑස් ගහනවා. මමත් ඇඩු කදුලින්ම ඉදිරියට ගිහින් මල් වත්ත පාරෙන් bus stand එකට ගියා. bus එකට නගිද්දී bus එකෙත් බහුතරය ඇඩු කදුලින්මයි. මමත් බස් එකට නැගල දිවුලපිටියට එද්දී රාත්‍රී 8.05 යි. ඊට පස්සේ අන්තිම bus එක එනකන් හිටිය 8.40 වෙනකන්. වෙනද නම් මම bike එකක නැගල යනවා අද එහෙමත් බැරි හොඳටම වහිනවා. කොහොම හරි මම ගෙදර ලගින් බහිද්දී 9.00 විතර වුණා. කඩේට ගොඩ වුණා විතරයි අම්මයි තාත්තයි දෙන්නම හිටියේ මව බලාපොරොත්තුවෙන් බව එයාලගේ මුහුනෙන්ම මට පෙනුනා. මාර වැඩේ කියන්නේ දෙන්නම එක පාරටම ඇහුවේ "තෙමුනද" කියලා. මම "පොඩ්ඩක්" කියලා හිනා වෙලා, කිරි පැකට් එකක් බොනගමන් එද්දී වුණා දේවල් කිව්වා. සතියක් ගෙදර එන්නේ නැතුව ඉඳල ගෙදර අවහම සිතට මෙච්චර සතුට දැනෙන්නේ අම්මගෙයි තාත්තගෙයි මේ සිනහව සෙනෙහස හින්ද වෙන්න ඇති කියලා හිතන ගමන්ම ගෙදරට ආවේ, කඩේට බඩු වගයක් ගන්න එක්කෙනෙක් ආවට පස්සේ. එද්දී මට ගොඩක් මහන්සිය දැනුනත් ගෙදරට ආව විතරයි අම්මවයි තාත්තවයි දැක්ක ගමන් ඒවා නැති වෙලා ගියා. අම්මා මගෙත් එක්කම ගෙදර ආවා. සතියෙම වෙච්ච දේවල් හැම එකක්ම කියන ගමන්. මම එහෙම කියන දේවල් අහන්න අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් ආසයි. ඒ මොකද ඉතින් මමනේ මේ ගෙදර පොඩි පුතා.................
No comments:
Post a Comment