ිනෙන බොහෝ නඩ නෙත ගැටුණි.වැදගත්ම කරුණ වනුයේ වෙනත් ගමන් යාමේදී මෙන් නොව බොහෝ පිරිස් අප සමග වචනයක් කතා කිරීමට අමතක නොකළ අතර එසේ නොකරන පිරිස් සිනහවකින් හෝ අපට ආමන්ත්‍රණය කිරීම සුවිශේෂී විය. කෝඩුකාරයෙක් වූ මම මුලින් එසේ පැමිණෙන පිරිස් දෙස නොබලා ගමන් කලද ඔවුන්ගේ එම ආමන්ත්‍රණයෙන් උත්තේජනය වූ අතර ඉදිරියේදී අපහට හමු වන සියලුම නඩ වලට එසේ සුහද සිතින් ආමන්ත්‍රණය කල අතර කවියෙන් අප
ආමන්ත්‍රණය කල නඩ වලට කවියෙන් ම පිළිතුරු දීමට අප නඩයද පුරුදු විය. සුමන සමන් දෙවියන්ගේ අඩවියේදී කට වැරැද්ද ගත්තොත් වැඩ වරදීවි යැයි කියා බොහෝ පිරිස් මෙහි යාමට පෙර අප දැනුවත් කල අතර ඔවුන්ට පින්සිදු වන්නට කිසිදු කරදරයකින් තොරව නැවත නිවෙස් බල ඒමට හැකිවිය. අතර මගදී තනිව ගමන් කරන ආච්චි කෙනෙක් අපට හමුවූ අතර ඇයගේ කැපවීම දැක අපට අප ගැනම ලැජ්ජාවක් ඇති වුවද එයම උත්තේජනයක් කරගෙන ගමන් කිරීමට තරම් අප නිහතමානි වූ අතර ඇය අපගෙන් වතුර තියනවාදැයි අසූ විට අපි යට වතුරත් ලබාදී ඕනිනම් ආච්චියෙ මේ බෝතලයත් අරගෙන යන්න කියා කියුවේ අපගේ සිත එතරම් ඇයට ලබැඳි වූ නිසයි.
කෙතරම් ගතට විඩාව දැනුනත් අපි එය කල නේද යැයි කියා සිතට නැගෙන විට සියලු විඩා නෙති වී යන්නේ අනෙකුත් නඩ අපිට පැතූ පරිදි "වැඳලා බසින මේ නඩයට සම්මා සම්බුදු සරණයි" කියා පැතූ නිසවත්දොයි කියා මගේ සිතට නැගෙන්නේ නිරායාසයෙනි.

No comments:
Post a Comment