ඔබ මගේ කර ගත්තේ කිසිවිටක හැර දමා නොයන්නටය. ඔබේ අහිංසක කමට මා ඉතාමත් ඇලුම් කරමි. විටක මට මගේ ආදරය ඔබ මට ලබා දෙන ආදරයට වඩා අඩුයි මට සිතෙන්නේ එතරමටම ඔබ මට ආදරය කරන බැවිනි.
ඔබේ දැගිලි හා මා දැගිලි දඟ කරන විට මගේ මුළු හදවතම ආදරයෙන් පිරි යයි. ගතින් සැම විට ඔබ මගේ ළඟ නොසිටියත් මට දැනෙන්නේ ඔබ මගේ ලග ඉන්නාවක් මෙනි. නින්දට ගියත් මා දකින්නේ ඔබ හා දඟ කරන සිහිනම පමණයි. මම ඔබ හා විදී දිගේ ඇවිද යන්නේ මහත් වූ සතුටකින් සහ කිසිදා නොදැනුනු තරමේ අහිංසක ආඩම්බර කමක්ද සිත්හි දරාගෙනය. මේලෙස මට මීට පෙර කිසි දිනක යන්තමින්වත් දැනී නැත. මේ සියල්ලටම වගකිව යුතු වන්නේ ඔබයි.විටක මට ඔබේ නමෙහි අකුරු තුන ආදරය යන වචනයට සම කරන්නට සිතුනත් තවත් වරක අපි දෙදෙනාගේ නමෙහි එකතුව ආදරයට සම කරන්නට යයි සිත බල කරයි. කෙසේ සම කලත් ඔබ හා මම දෙදෙනෙකු නොවන නිසා කවුරුන්ගේ නම සම කලත් කම් නෑ කියා සිතුනේ ආදරය ඒ තරමටම අපි දෙදෙනා හා බැඳී පවතින හෙයිනි. දිව්රන්නෙමි මගේ අත ඔබේ හිස මත තබා මේ බවයේදීත් මතු උපදින බවයක් බවයක් පාසා ඔබ මෙගේම කරගන්නවා සත්තකයි. බාධක අපිව පිලි ගන්නට බලා සිටියත් ඔබ මා සමග සිටින තාක්කල් ඒ කිසිවකට අපිව අභිබවා යාමට නොහැකි වන්නේ ඒ හැම මොහොතකම මමත් ඔබ සමග සිටින නිසාවෙනි.
I, Maduka sampath
Take you,
To have and to hold
For better or for worse
For richer, for poorer
in sickness and in health
To love
To cherish
As long as we both shall live
No comments:
Post a Comment