Tuesday, September 18, 2012

සිරිප කරුණා කිරීමේදී සිත් ගත් සිදුවීම්



නව දෙනෙක්ගෙන් යුත් නඩය අලුයම 3.45 ට පමණ නල්ලතන්නියට ලගවූ අතර සිරිප කරුණා කිරීම ආරම්භ කරන විට අලුයම 4.40 පමණ විය.ආරම්භයේදී එතරම් වෙනත් වන්දනා නඩ හමු නොවුවත් කෙමෙන් කෙමෙන් සිරිප වැඳ පැම
ිනෙන බොහෝ නඩ නෙත ගැටුණි.වැදගත්ම කරුණ වනුයේ වෙනත් ගමන් යාමේදී මෙන් නොව බොහෝ පිරිස් අප සමග වචනයක් කතා කිරීමට අමතක නොකළ අතර එසේ නොකරන පිරිස් සිනහවකින් හෝ අපට ආමන්ත්‍රණය කිරීම සුවිශේෂී විය. කෝඩුකාරයෙක් වූ මම මුලින් එසේ පැමිණෙන පිරිස් දෙස නොබලා ගමන් කලද ඔවුන්ගේ එම ආමන්ත්‍රණයෙන් උත්තේජනය වූ අතර ඉදිරියේදී අපහට හමු වන සියලුම නඩ වලට එසේ සුහද සිතින් ආමන්ත්‍රණය කල අතර කවියෙන් අප


ආමන්ත්‍රණය කල නඩ වලට කවියෙන් ම පිළිතුරු දීමට අප නඩයද පුරුදු විය. සුමන සමන් දෙවියන්ගේ අඩවියේදී කට වැරැද්ද ගත්තොත් වැඩ වරදීවි යැයි කියා බොහෝ පිරිස් මෙහි යාමට පෙර අප දැනුවත් කල අතර ඔවුන්ට පින්සිදු වන්නට කිසිදු කරදරයකින් තොරව නැවත නිවෙස් බල ඒමට හැකිවිය. අතර මගදී තනිව ගමන් කරන ආච්චි කෙනෙක් අපට හමුවූ අතර ඇයගේ කැපවීම දැක අපට අප ගැනම ලැජ්ජාවක් ඇති වුවද එයම උත්තේජනයක් කරගෙන ගමන් කිරීමට තරම් අප නිහතමානි වූ අතර ඇය අපගෙන් වතුර තියනවාදැයි අසූ විට අපි යට වතුරත් ලබාදී ඕනිනම් ආච්චියෙ මේ බෝතලයත් අරගෙන යන්න කියා කියුවේ අපගේ සිත එතරම් ඇයට ලබැඳි වූ නිසයි.
කෙතරම් ගතට විඩාව දැනුනත් අපි එය කල නේද යැයි කියා සිතට නැගෙන විට සියලු විඩා නෙති වී යන්නේ අනෙකුත් නඩ අපිට පැතූ පරිදි "වැඳලා බසින මේ නඩයට සම්මා සම්බුදු සරණයි" කියා පැතූ නිසවත්දොයි කියා මගේ සිතට නැගෙන්නේ නිරායාසයෙනි.


සිරිපා ගමනේ නෙත නොගැටුණු ඇස නොරැදුණු තැන්,



ආරම්භදී අපි දුම්රියෙන් ගමන් කල නිසාදෝ මන්දා අපිට වෙනදා මෙන්ම මුලින්ම මතක් වුයේ මලින්ගයගේ කෝච්චියේ ශිට්ස් ඇල්ලීමේ කතා පුවතයි. අපිත් සමග වෙනදා ගමන් නොගිය දෙදෙනාටත් එම කතා පුවත් කියාගෙනම අපි කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් කිරීම පටන්ගත්තේ මලින්ගය සහ යසිය විසින් ගෙනවිත් දුන් බනිස් දෙස බලා "සෙට් වෙයිද බන්" කියන පැනයත් සමගයි. මද දුරක් යන විට මගින් එකෙනෙක වැඩි වූ අතර මලින්ගය පැවසුයේ "මේ තදබදය තියෙන්නේ පොල්ගහවෙල වෙනකන් විතරයි" යන වදනත් සමගය.එත්
 සමගම ඔහුගේ කන්නාඩි කුට්ටම මදක් පිසදැමීමෙන් පසු "මේකත් සීරිලා බන්" කියා අප වෙත ඇසක් ගසමින්ම කටත් ඇද කරන ගමන්ය.
මද දුරක් ගමන් කරන විට සිහින් ගීතයක් මිමිනීමට පටන් ගත ලකා ඇතුළු අප පිරිස කෙමෙන් කෙමෙන් එහි වේගය වැඩි කිරීමටත් අඩු කිරීමටත් අපට සිදු වුයේ දුම්රිය ගමනේ තලයට අනුගත වීමටය. ටික දුරක් ගමන් කරන විට අප සිටි මැදිරියේ කෙළවරක තරුණියක් ඉංග්‍රීසි බසින් තවත් තරුණයෙකුට ආමන්ත්‍රණය කරන්මව ඇසි අප ඒ දෙස බැලුයේ ඒ තරමටම ඒ ආමන්ත්‍රණය අපිට තරුණියකගෙන් අපිට නිතර අසන්නට නොලැබෙන නිසයි. මුලින් ඉංග්‍රීසි බසින් ආමන්ත්‍රණය කරගත් එම දේපල පසුව සිංහල බසින් ආමන්ත්‍රණය කල නිසාවෙන් ඒ වදන් අපිට හුරුපුරුදු වචන බව පසක් වුයේ මද වෙලාවක් ගිය පසුවය. පසුව එය ක්‍රමයෙන් පාලනය වූ අතර නැවත ගීතයක් ගැයීමට පටන් ගත්තද කලින් සිද්දිය වූ දෙසින් ඉතාමත්ම මිහිරි ගීත රාවයක් අපිට ශ්‍රවනය වූ අතර ඒ අර කලින් එකිනෙක ආමන්ත්‍රණය කරගත් තරුණිය බව දන ගත අප සියලු දෙනා විශ්මයට පත් විය. එත් සමගම අපි ගයමින් සිටි ගීතය වෙනස් කල අප " ඈ හරි කටකාරි ඇස හිතුන ඈ කිව කී ගී මිහිරි" ගීතය ගැයුවේ ඇයට මදක් ඇය කල වරද ගැන ඇයටම මදක් සිත බැලීමටය.
දුම්රිය ගමන එසේ සිදුවෙද්දී අපි හැටන් වලට ලග වූ අතර බැස්ස හැටිය "සෙට් වෙලා ඔයි" කියමින් පැමිණි හමන්ගල්ලේ ලොකු අයියා නොපෙනී ගිය අතර ඔහුව එලියට එනවා දැක ගත හැකි වුයේ "අපි අවේ නැත්නම් බස් එකේ යනවා යයි" කියා කෑ ගැසූ පසුවයි. කෙසේ හෝ අපි නල්ලතන්නියට ගොස් සිරිප ගමන පටන් ගත අතර ඒ අතරතුර එතරම් විශේෂ යමක් සිදු වුයේ නැත. පසුව නැවත ගමන් කිරීම පටන් ගත අතර අපිත් සමග ටික දුරක් පැමිණි මලින්ගයා අප තනි කර දමා යන්න ගියේ අප සියලු දෙනා කඳුළු සයුරේ ගිල්ලවමින්ය.පසුව අපි තරමක් සෙමින් ගමන් කල අතර ගමනාන්තය ඒ එන ගමනේදී අපි සියල්ලට එකිනෙක මගහැරී ගිය අතර කෙසේ හෝ ජොන,ලකා,හතීම් සහ මදුකයා රාත්‍රී 7.30 පමණ වන විට ගමනාන්තය දක්වා ලග විය. ජොන පැමිණයේ "මම ඇත්තටම බය වුන යයි " පවසමින්ය. ඔහුගේ ඇස් කදුලින් පිරී තිබුණු අත‍ර "අනේ පව් නේද කියා" අපිට සිතුනි. ඒ අතර තුර අපේ නඩයේ අනෙක් පිරිස සිටින්නේ කොහේදැයි සොයා බැලු අතර ඔවුන් තව පය 3 කටවත් නොපැමිණෙන බව දැනගත් අපි එහි පුළු පුළුවන් ආකාරයට නිදගත්තෝය. අතර මගදී මදුකය නින්දෙන් අවදී වී බලද්දී ජෝනා තවත් ගමේ පොඩි කොල්ලෝ 3 දෙනෙකු සමග පාර මැද වාඩි වී බර සාකච්චාවක සිටියේ මගේ ඇස් මවිත කරමින්ය.
ගමේ පොඩි එකා: අය්යල කොහෙද?
ජෝනා: අපි මොරටුවේ
පොඩි එකා: මොරටුවේ කොහෙද?
ජෝනා: මොරටුව කැම්පස් එකේ(ආඩම්බරයෙන් කට හඬ ගැබුරු කරමින් පවසයි)
පොඩි එකා: ආ...................
ජෝනා:මල්ලි මෙතන තියෙන මේ බිල්ඩින් එකා මොකක්ද
පොඩි එකා: එකා අයියේ විදුලි බලාගාරයක්
ජෝනා: ආ........
පොඩි එකා: අයියල ඕව ගැන දන්නවනේ ඉතින් අයියලා ඉන්ජිනේරුවොනේ ....
ජෝනා: ආ එහෙමා ඕක මහා පොඩි වැඩක් මට වයර් කලි 3 ගෙනත් දුන්නොත් මට පොඩි බලාගාරයක් වුනත් හදන්න පුළුවන්..........
ඒ කතාව අසු ගමන් මට සිනහ යාමට පැමිණියත් පව් අහිංසක ජෝනා ගේ කාර්ඩ් එකා නේද කියා ම සිනහව නවත්වා ගත්තේ උබට පස්සේ දෙන්නම් කියා මටම කියා ගන්න ගමන්ය. ඉන්ජිනේරුව ඉන් පසු නැවත නිදා ගත අතර අපි නැවත අවදි වුයේ අලුයම 3 ට පමණ අපගේ අනිත් වන්දනා නාදය අප වෙතට ලඟා වූ පසුවය.
පසුව මේ සියලුම දේවල් ගැන සිතමින් අපි සියලු දෙනා නිවෙස් බලා පිටත්ව ගිය අතර කෙතරම් විහිලු කලත් ඒ අත්දැකීම් ගැන සිතමින් අපට සතුටුවිය හැකි කාලයක් එනවා නේද කියා සිතන විට "මචන් අයෙ ට්‍රිප් එකක් යමුද" කියා ඇසීමට මක කට නලියන්නේ ඒ තරමටම මේ ගමන බොක්කෙන්ම කියනවා නම් "පට්ටයි මචන්ලා" යනුවෙනි.

Sunday, September 2, 2012

සත්තකයි...........


ඔබ මගේ කර ගත්තේ කිසිවිටක හැර දමා නොයන්නටය. ඔබේ අහිංසක කමට මා ඉතාමත් ඇලුම් කරමි. විටක මට මගේ ආදරය ඔබ මට ලබා දෙන ආදරයට වඩා අඩුයි මට සිතෙන්නේ  එතරමටම ඔබ මට ආදරය කරන බැවිනි.
ඔබේ දැගිලි හා මා දැගිලි දඟ කරන විට මගේ මුළු හදවතම ආදරයෙන් පිරි යයි. ගතින් සැම විට ඔබ මගේ ළඟ නොසිටියත් මට දැනෙන්නේ ඔබ මගේ ලග ඉන්නාවක් මෙනි. නින්දට ගියත් මා දකින්නේ ඔබ හා දඟ  කරන සිහිනම පමණයි. මම ඔබ හා විදී දිගේ ඇවිද යන්නේ මහත් වූ සතුටකින් සහ කිසිදා නොදැනුනු තරමේ අහිංසක ආඩම්බර කමක්ද සිත්හි දරාගෙනය. මේලෙස මට මීට පෙර කිසි දිනක යන්තමින්වත් දැනී නැත. මේ සියල්ලටම වගකිව යුතු  වන්නේ ඔබයි.විටක   මට ඔබේ නමෙහි අකුරු තුන ආදරය යන වචනයට සම කරන්නට සිතුනත් තවත් වරක අපි දෙදෙනාගේ නමෙහි එකතුව ආදරයට සම කරන්නට යයි සිත බල කරයි. කෙසේ සම කලත් ඔබ හා මම දෙදෙනෙකු නොවන නිසා කවුරුන්ගේ නම සම කලත් කම් නෑ කියා සිතුනේ ආදරය ඒ තරමටම අපි දෙදෙනා හා බැඳී පවතින හෙයිනි.  දිව්රන්නෙමි මගේ අත ඔබේ හිස මත තබා මේ බවයේදීත් මතු උපදින බවයක් බවයක් පාසා ඔබ මෙගේම කරගන්නවා සත්තකයි. බාධක අපිව පිලි ගන්නට බලා සිටියත් ඔබ මා සමග සිටින තාක්කල් ඒ කිසිවකට අපිව අභිබවා යාමට නොහැකි වන්නේ ඒ හැම මොහොතකම මමත් ඔබ සමග සිටින නිසාවෙනි.


I, Maduka sampath
Take you,
To have and to hold
For better or for worse
For richer, for poorer
in sickness and in health
To love
To cherish
As long as we both shall live

Sunday, May 20, 2012

මව්නි ඔබට මුළු ලොවම ණය ගැතියි......

තමන්ගේ සමීපතමයන් තමන් හැර ගොස් දින සති මාස ගණන් ගෙවිල ගිහින්. එත් ඔවුන්ගේ වෙන්වී යාමෙන් සැමදා අසරණ භාවයට පත්  පවුලේ උදවිය මේ සොයන්නේ තමන්ගේ සමීපත්මයන්ව නේද?  අම්මලා තම දරුවන්ගේ නම සෙවීමට මෙතරම් වෙහෙසෙන්නේ ඔවුන් දන්නවා තමන්ගේ දරුවන් නැවත නොඑන බව. එක අම්ම කෙනෙක් තම දරුවාගේ නම සොයාගත් පසු එක වරම කඳුළු කැට කඩා වැටුනත්  ඒ මව නැවත ආඩම්බරයෙන් තම නෙතට නැගුනු කඳුළු බින්දු පිසදමගත්තේ තම දරුවා තවත් සිය දහසක් වූ අම්මාවරුන්ගේ නෙතට කඳුළු බින්දු පැමිණීමට තිත තැබීමට වෙහෙස මහන්සි වුන බව හිතට නැගීම නිසාවත් දෝයි මට සිතේ.

පැවසීමට ඇති දේ බොහෝ වුවත් කෙටියෙන්ම පැවසීමට ඇත්තේ අම්මේ තාත්තේ අප සියලු දෙනා ඔබට ණය ගති බවත් ඒ ණය පියවීමට අප කිසිවෙකුට නොහැකි බවත්ය. 

Friday, February 17, 2012

අම්මයි තාත්තයි..............

ඊයේ මම ගෙදර එන ගමන්  bus එකේදී එක පාරටම මට අහන්න ලැබුන කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට පාර වහල කියලා. මට තනිවම හිනා ගියේ "හරි අදත් ගෙදර යද්දී එළිවෙයි" කියලා සිතට නැගුනු නිසයි. ඒ සමගම මේ සතිය පටන් ගද්දීත් bus වැඩ වර්ජනයක් හින්ද කට්ට කාපු හැටිත් මතක් කරගෙනම  bus එකේ ගියත් රීගල් එක ලග ඉඳන් වාහන පෝලිම. පරක්කු වෙන හින්ද මමත් බස් එකෙන් බැහැල පයින් ගියා. යද්දී station එක හරියේ කදුළු ගෑස් ගහනවා. මමත් ඇඩු කදුලින්ම ඉදිරියට ගිහින් මල් වත්ත පාරෙන් bus stand එකට ගියා. bus එකට නගිද්දී bus එකෙත් බහුතරය ඇඩු කදුලින්මයි. මමත් බස් එකට නැගල දිවුලපිටියට එද්දී රාත්‍රී 8.05 යි. ඊට පස්සේ අන්තිම bus එක එනකන් හිටිය 8.40 වෙනකන්. වෙනද නම් මම bike එකක නැගල යනවා අද එහෙමත් බැරි හොඳටම වහිනවා. කොහොම හරි මම ගෙදර ලගින් බහිද්දී 9.00 විතර වුණා. කඩේට ගොඩ වුණා විතරයි අම්මයි තාත්තයි දෙන්නම හිටියේ මව බලාපොරොත්තුවෙන් බව එයාලගේ මුහුනෙන්ම මට පෙනුනා. මාර වැඩේ කියන්නේ දෙන්නම එක පාරටම ඇහුවේ "තෙමුනද" කියලා. මම "පොඩ්ඩක්" කියලා  හිනා වෙලා, කිරි පැකට් එකක් බොනගමන් එද්දී වුණා දේවල් කිව්වා. සතියක් ගෙදර එන්නේ නැතුව ඉඳල ගෙදර අවහම සිතට මෙච්චර සතුට දැනෙන්නේ අම්මගෙයි තාත්තගෙයි මේ සිනහව සෙනෙහස හින්ද වෙන්න ඇති කියලා හිතන ගමන්ම ගෙදරට ආවේ, කඩේට බඩු වගයක් ගන්න එක්කෙනෙක් ආවට පස්සේ. එද්දී මට ගොඩක් මහන්සිය දැනුනත් ගෙදරට ආව  විතරයි අම්මවයි තාත්තවයි දැක්ක ගමන් ඒවා නැති වෙලා ගියා. අම්මා මගෙත් එක්කම ගෙදර ආවා. සතියෙම වෙච්ච දේවල් හැම එකක්ම කියන ගමන්. මම එහෙම කියන දේවල් අහන්න අම්මයි තාත්තයි දෙන්නම ගොඩක් ආසයි. ඒ මොකද ඉතින් මමනේ  මේ ගෙදර පොඩි පුතා.................